This text is replaced by the Flash movie.
Welcome! Guest  Sign In | Sign Up | Why Join? |

විවාහ ගිවිස ගන්නා දිනට සුදුසු විලාසිතා

මේක් අප් භාවිතය

මේක් අප් යොදන විට අනවශ්‍ය ලෙස කැපී‍ පෙනෙන අයුරින් එය‍ නෙ‍ාකළ යුතුය.

මෙහීදී අප මනාලියගේ මංගල දිනයේදී යොදන ආකාරයේ වඩාත් ඉස්මතු කර දැක්වෙන අයුරින් මේක් අප් එකක් නොයොදයි.

විවාහ ගිවිස ගන්නා උත්සවය චාම් උත්සවයක් නිස‍ා මෙහි දී  ඇයට යෙදිය ‍යුතු වන්නේ සාම‍ාන්‍ය මේක් අප් එකකි.

මෙවැනි යුවතියක මඟින් ඉස්මතු විය යුත්තේ සරල බව හා චාම් සුන්දරත්වයකි.

චාම් පෙනුම

විවාහ ගිවිස ගන්නා දිනයට අනවශ්‍ය ලෙසින් විලාසිතාවන්ගෙන් හැඩවීම සුදුසු වන්නේ නැත.හේතුව මෙය දෙපාර්ශවය අතර චාම්ව පැවත්වෙන උත්සවයක් නිසාය.

මංගල අවස්ථාවක් නිසා කැපී පෙනෙන තද වර්ණ,නවතම විලාසිතාවන් තෝරා ගත යුතු බව සමහරුන් සිතුවත් එය නිවැරදි වන්නේ නැත.

සැමවිටම අවස්ථාව‍ට උචිත තමන්ට ගැළපෙන දේ පමණක් තෝර‍ා ගෙන ඒ අනුව තම සුන්දරත්වය  මතු කර ගැනීමට උත්සාහ කිරීම වඩා වැදගත් වේ.

යුවතියකට චාම් සරල විලාසිතාවක් ඉතාමත් ලස්සනය.ඇයගේ ලස්සන මතු කර ගැනීමට තිබෙන තරම් විලාසිතා කිරීමට අවශ්‍ය නැත.

ආභරණ

විවාහ ගිවිස ගැනීමේ සාදයට හැඩ‍වෙන මනාලියකට බො‍හෝවිට මල් කළඹක් නිර්මාණය නොකරෙයි.

නමුත් ඇතැම් විට ඇය හැඩ ගැන්වෙන ආකාරයට අනුව මල් කළඹක් ගන්නා අවස්ථාවන් ද දැකිය හැක.

හැමවිටම විලාසිතාවන් තෝර‍‍ා ගැනීමේදී තමන්ට ගැළපෙන විලාසිතාවන් පමණක් තෝරා ගෙන ඒ අනුව හැඩ වෙන්න.

සාරියේ පැහැය

සමහර යුවතියන් තද වර්ණයේ සාරිවලටත්,තවත් සමහරැන් ල‍ා වර්ණයේ සාරි වල‍ටත් ප්‍රිය කරයි.

එහිදී තමන්ගේ සිරුරේ පැහැය මෙන්ම උත්සවය පැවත්වෙන කාල වේලා ගැන ද සැළකිළිමත් විය යුතුය.

විවාහ ගිවිස ගැනීමේ උත්සවයකට පීච් පාට,කොරල් පින්ක්, සැමන් පින්ක්, සී ග්‍රීන්,තෝරා ගත හැක.

එවනි වර්ණ වලින් යුවතියන්ට ලා බාල පෙනුමක්, සුන්දරත්වයක් ගෙන දෙයි.

විශේෂයෙන් මෙවන් උත්සවයකට ලා පැහැයෙන් නම් වඩාත් ලස්සනයි. නමුත් තමන්ගේ පැහැයට ලස්සන ගෙන දෙනවා නම්,අවස්ථාවට ගැළපෙනවා නම් තමන්ගේ කැමත්තට අනූව තද වර්ණයක් තෝර‍ා ගැනීම වරදක් නැත.

එසේ  වුවත් වර්ණවත්බව වඩාත් මතු වී‍ පෙනෙන ලොකු මෝස්තර සහිත විල‍ාසිතාවන්ට අනූව වැඩ දැමූ සාරි මෙවන් අවස්ථාවන්ට උචිත නොවේ.

පැහැයෙන් අඩු යුවතියක් නම් ඇයට පීච් පාට, සැමන් පින්ක්, සී ග්‍රීන් තෝරා ගත හැක.

කොණ්ඩ මෝස්තරය

කොණ්ඩ මෝසතරයක් යෙදීමේ දී වඩාත් විශාල පෙනුමක් ලබා දෙන ආකාරයේ කොණ්ඩ මෝස්තර වලට යාම සුදුසු නොවේ.

සැමවිටම ඇය ගේ මුහුණ‍ට ගැළපෙන හා හැඩ වී ඇති විලාසිත‍‍ා මෙන්ම අනුව උචිත කොණ්ඩ මෝස්තරයක් යෙදිය යුතු වේ.

Top of Page Copyright © 2009 Sri lanka Wedding Portal . All rights reserved.
Powered By | Website Design Sri lanka | Sri lanka Web Hosting | Sri Lanka Wedding | Sitemap| Privacy Policy