ඡායාරූපකරණය
තරුණයෙක්
හෝ තරුණියක්
සමාජමය
වශයෙන්
ජීවිතයේදී
මුහුණ දෙන සොුරුතම
මොහොත සිය විවාහ
මංගල උත්සවය
යැයි කිවහොත්
එය නිවැරදිය.
එතෙක්
පැමිණි දිවි
ගමනේ
මියුරුතම
සන්ධිස්ථානය
වන්නේ තමන්ගේ
මංගල උත්සවයයි.
ජීවිත
කාලයටම
එක්වරක්
පමණක් විගන්නට
ලැබෙන මේ සොුරු
මොහොතේ
යලියලිත්
සිහිගන්වන්නට
හැකිනම් එහි
වටිනාකම
මෙතෙකැයි කිව
නොහැකිය.
මංගල
දිනයේ ගනු ලබන
ඡායාරූපයක හා
වීඩියෝ
තැටියක අවශ්‍යතාවය
මතුවන්නේ පසු
කලක විඳිය හැකි
සොඳුරුම මතක
සැමරුම එය වන
බැවිනි.
නැවත
වසර
ගණනාවකින්
වුවත් බලා
සතුටු විය හැකි
ඡායාරූප හා
මංගල දිනය
නැවත නැවත
සඡීවිකරණය කරදෙන
වීඩියෝගත කමන
ලද තැටි පිළිබ වැඩි
දෙනාගේ
අවධානය මේ
වනවිට යොමුවී
ඇති බව නම්
පැහැදිලිය.
විශේෂයෙන්
පෙරදී
ඡායාරූප
කෙරෙහි වැඩි
උනන්දුවක්
දැක්වූවත්
වර්තමානයේ
එයට අමතරව
තමන්ගේ මංගල
උත්සවය
වීඩියෝ ගත
කරවා ගැනීමටද
බොහෝ දෙනා
උනන්දුවන්නේ
ඒනිසා විය
යුතුය.
කෙසේ
වුවද සිය මංගල
උත්සව දිනයේ
ඡායාරූප හා වීඩියෝගතකිරීම්
වැනි කටයුතු
පිළිබඳව
සැළකිලිමත්
විය යුතු
කරුණු බොහෝ
දෙනා වෙතින් මඟ හැරී
යන්නේ ඒ පිළිබව ඇති
අවබෝධය හා
දැනුම අඩු
නිසාය.
එහෙයින්
මංගල
උත්සවයක් සහා
ඡායාරූප
ශිල්පියෙකු
හා වීඩියෝ
කැමරා ශිල්පියෙකු
තෝරා
ගැනීමේදී
සැළකිලිමත්
විය යුතු
කරුණු
කිහිපයකි.
මේ
කරුණු පිළිබව
සැළකිලිමත් වීමෙන්
ඔබේ මංගල දිනය
සාර්ථක කරගත
හැකි වනවා මෙන්ම
පසු කලක එම සොුරු
මොහොත
සිහිගන්වන්නටද
එය මහත්
අත්වැලක් වනු
නොඅනුමානය.
උත්සව
කටයුතු
ඡායාරූප ගත
කරන්නට හා
වීඩියෝ ගත
කරන්නට
ශිල්පියෙකු
තෝරා ගැනීමේදී
වැඩිදෙනා තමන්ගේ
හිත මිත්‍රාදීන් ඒ සඳහා
යොදාගන්නේ ඒ
තුළින් වැඩි ප්‍රතිඵල
අත්වනු ඇතැයි
සිතාය.
ඔබ
එසේ විශ්වාස
කලද එය නොකළ
යුත්තකි.
මෙය
බොහෝ දෙනෙකුට
වරදින
අවස්ථාවක්
ලෙසද පෙන්වාදිය
හැක.
ඔබගේ
හිත මිතුරුකම
මත ඔබ
තෝරාගන්නා
ඡායාරූප ශිල්පියා
හෝ වීඩියෝ
කැමරා
ශිල්පියා
නිසා පසු
කාලයේදී ඔබට
පසුතැවෙන්නට
සිදුවීම වැළැක්වීය
නොහැක.
එහෙයින්
ඡායාරූප හා
වීඩියෝ කැමරා
ශිල්පියෙකු
තෝරාගැනීමේදී
ඒ පිළිබඳව
මනා දැනුමක්
ඇති මනා
නිපුනත්වයක්
ඇති දිගුකාලීන
අත්දැකීම්
සහිත වෘත්තීය
ඡායාරූප ශිල්පියෙකු
හා වීඩියෝ
කැමරා
ශිල්පියෙකු
තෝරා ගැනීම
සිදු කල
යුතුය.
මෙහිදී
මනාලයා හෝ
මනාලිය
නැතහොත්
දෙදෙනාම මීට
පෙර මංගල්‍යයන්හි දෙවන
මනාලයා හෝ
දෙවන මනාලිය ලෙසින්
කටයුතු කර ඇති
අය වන්නට
පුළුවන.
එවන්
අයට තමන් මීට
පෙර අවස්ථාවේ
ලද අත්දැකීම්
තුලින්
නිවැරදිව
ඡායාරූප
ශිල්පියෙකු
හා වීඩියෝ
කැමරා
ශිල්පියෙකු
තෝරාගැනීමේ
අවස්ථාව
හිමිවනු ඇත.
එසේ
නොමැතිව
ඡායාරූප
ශිල්පියෙකු හෝ
වීඩියෝ කැමරා
ශිල්පියෙකු
තෝරා ගන්නේ
නම් තමන්
සහභාගි වූ
මංගල
අවස්ථාවන් වල
කටයුතු කල ශිල්පීන්
පිළිබඳව ඒ
මංගල
යුවලගෙන් අසා
දැනගත හැකිය.
විශේෂයෙන්
ඒ ඡායාරූප හා
වීඩියෝ
පරීක්ෂා කර බැලීම
තුලින් ඔබට
සෑහිමකට
පත්වන්නට
හැකිය.
එසේත්
නොමැතිව
ඡායාරූප
ශිල්පියෙක්
තෝරා
ගැනීමේදී
පුවත්පත් වල
කටයුතු කරන
වෘත්තීය ඡායාරූප
ශිල්පීන් හෝ ප්‍රසිද්ධ
මංගල
අවස්ථාවන්
ඡායාරූප ගතකල
ශිල්පීන්
පිළිබඳව
සැළකිලිමත්
වීම සුදුසුය.
වීඩියෝ
කැමරා
ශිල්පියෙකු
තෝරාගන්නේ
නම් මීට පෙර ප්‍රසද්ධ
මංගල
අවස්ථාවන්
වීඩියෝ ගත කල
වීඩියෝ කැමරා
ශිල්පියෙකු
වීමත්, අත්දැකීම්
වලින්
පරිපූර්ණ
අයෙකු වීමත්
ඉතා වැදගත්ය.
එසේම
ඔහු නවීන
තාක්ෂණික ක්‍රමෝපායන්
වලින්
පරිපූර්ණ
අයෙකු වීම
තුලින් ඔබගේ
මංගල උත්සවය
අලංකාරවත්
ලෙස වීඩියෝ
කරවා ගැනීමේ
හැකියාව
උදාවනු ඇත.
තමන්
තෝරාගත්
ඡායාරූප
ශිල්පියා හෝ
වීඩියෝ කැමරා
ශිල්පියා සමඟ මුලින්ම
මිල ගණන්
පිළිබඳව
සාකච්ඡා කර එය
තමන්ගේ අයවැය
හා ගැලපේදැයි
තීරණය කිරීම
සුදුසුම
කටයුත්තයි.
ඒ
අනුව මූලිකවම
තමන්ගේ
අයවැයට
ගැලපෙන හොඳම
ඡායාරූප
ශිල්පියෙක්
හෝ වීඩියෝ
කැමරා ශිල්පියෙක්
තෝරා ගැනීමට
වගබලා ගත
යුතුය.
ඉන්පසුව
එම ශිල්පියා
සමඟ
ගිවිසුමකට
අත්සන් කිරීම
තුලින් ඔහු හා
ඔබ අතර
විශ්වාසය
තහවුරු කර
ගැනීම ඔබගේත්
ඔහුගේත් ක්‍රියාවලිය
සඳහා
මහෝපකාරී වනු
ඇත.
මේ
සියළු දේ කළ
යුත්තේ ඔබගේ
මංගල දිනයට
තෙමසකටවත්
පෙරවීම
සැළකිය යුතුම
දෙයකි.
එසේ
කළ යුතු වන්නේ
ඒ ඒ ශිල්පීන්ට
සැළසුම් සහගතව
තමන්ගේ
කාර්යයන්
සිදුකිරීමට
කාලය ලබාදීම සඳහාය.
ඉන්පසුව
අදාළ
ශිල්පීන් සමඟ
ඒ ඒ කටයුතු
සිදු කළ යුතු
ආකාරය, ඒ
පිළිබඳව ඒ
ශිල්පීන්ගේඅත්දැකීම්
හා අදහස්
සාකච්ඡා කර
සාර්ථක
අයුරින් එය
සිදු කළ යුතු ආකාරය
පිළිබඳව
පැහැදීමක්
ඇති කරගැනීම
ඉතා වැදගත්ය.
ඒ
සඳහා ඒ
ශිල්පීන්ට
මංගල දිනයේහි
නැකැත් පතෙහි
කොපියක්
ලබාදී
අදාල වීශේෂ
සිදුවීම්
සිදුවන ආකාරය
පිළිබඳවද
දැනුවත්
කිරීමක් කළ
යුතුය.
මෙහෙදී
වෙසෙසින්ම
ඡායාරූප
ශිල්පීන්
යොදාගන්නා
වේලාවන්
එකිනෙකාට
වෙනස්ය.
සමහර
ඡායාරූප
ශිල්පීන්
පෝරුවට
නැගීමේ චාරිත්‍රයට
කලින් පැය
හතරක වත්
කාලයක් වෙන්
කරගැනීම සිදුකරති.
අයෙක්
පැය දෙකක හෝ පැයක
කාලටක් වෙන්
කර ගනිති.
මනාල
යුවල ඒ කාලයට
අනුව සූදානම්
විය යුතු නිසා
ඒ පිළිබඳව
දැනුවත් වී
සිටීමද ඉතාම
වැදගත්ය.
වීඩියෝ
කැමරා
ශිල්පීන්ද
එලෙසින්
විවිධ වේලාවන්
අනුව කටයුතු
කරන නිසා
ඔවුන්ගෙන් ඒ
පිළබඳව
අවබෝධය
ලබාගැනීම
මනාල යුවලට
මෙන්ම මංගල උත්සවයේ
සැමටම වැඩදායක
වනු ඇත.
මංගල
දිනයේ අන්
සියළු දෙනාට
කලින්
ඡායාරූප ශිල්පියාගේ
පැමිණීම
අනිවාර්යයෙන්
විය යුත්තකි.
ඔහුගේ
කැමරාව හා
අනෙකුත්
උපකරණත්,
වීඩියෝ කැමරා
ශිල්පියාගේ
ලයිට්, කැමරා
වැනි උපකරණත්
හරියාකාරව
ඇතිදැයි සොයා
බැලීමට මනාල
යුවලගේ වගකිව
යුතු
අයෙකුගෙන්
සිදුවිය යුතුය.
එසේම
ඔවුන් සඳහා
අවශ්‍ය
සම්පත්
සපයාදීමටද,
ඔවුන්ට
නොපමාව
කටයුතු කිරීමට
ඉඩ
සැලසීමෙන්ද,
වැඩි වාසියක්
අත්පත් කරගත
හැකිය.
නැතිනම්
මේ සම්පූර්ණ
අවස්ථාව බිඳුනු
සිහිනයක් බවට
පත්විය හැක.
මංගල
උත්සවය
පැවැත්වෙන
අවස්ථවේදී
කිසිදු හේතුවක්
නිසාවෙන්
ඡායාරූප
ලබාගැනීම සඳහා හෝ මනාල
යුවල උත්සව
සභාවෙන් ඉවත්ව
නොයාමට වගබලා
ගත යුතුය.
හොඳ
කැමරා
ශිල්පීන්
වශයෙන්
පැමිණෙන
ශිල්පීන්ද එසේ
නොකිරීම
වඩාත්
සුදුසුය.
මංගල
උත්සවයේ
සුවිශේෂීම
අවස්ථා මඟනොහැර
ඡායාරූප
ලබාගැනීම සඳහා
හෝ වීඩියෝ ගත
කිරීමට අදාල
ශිල්පීන්
කටයුතු කල
යුතුය.
ඒ
අවස්ථා මඟ
හැරීම තුලින්
උත්සවය
සාර්ථකව
පිළිවෙලින් කරන්නට
නොහැකි වන්නේ
ඒ අවස්ථා නැවත
නැවත සිදුකරන්නටද
නොහැකි වන
නිසාය.
මංගල
උත්සවය නිම
කිරීමෙන් පසු
උත්සවයේ වීඩියෝ
ගත කරන ලද
සියළු දේ අවශ්‍ය
පරිදි
සංස්කරණය
කරන්නට අදාල
ශිල්පියාට සහය
වීම කල යුතු
වන්නේ ඔබට
අවශ්‍ය කොටස්
සංස්කරණයේදී
ශිල්පියා
අතින් මඟ
හැරීමට ඇති
ඉඩකඩ වැඩි
නිසාය.
වීඩියෝ
කොටස්
සංස්කරණයේදී
ඔබට අවශ්‍යම
දේ පමණක් යොදා
ගැනීම වැඩි
වැදගත්කමක්
දක්වනු ඇත.
උත්සවය
අලංකාරවත්
ලෙස
පෙළගස්වාගෙන
පිළිවෙලින්
එම කොටස්
සංස්කරණය සඳහා
යොදාගැනීම හොඳම
කාර්යයයි.
සියළු
වීඩියෝ කොටස්
සංස්කරණය කර
යොදාගැනීම
වඩාත්
සුදුසුය.
ඡායාරූප
පිළිබඳව
සැළකිලිමත්
වීමේදී සියළු
ඡායාරූප
ඇතුලත් වනසේ
සකස් කරන ලද ‘
කන්ටැක්ට්
ෂීට් ’ (
ඡායාරූප
සියල්ල
කුඩාවට
ඇතුළත් කළ
කාඩ්පතක්)
ඡායාරූප
ශිල්පියා
විසින් මනාල
යුවලට ලබාදෙයි.
එහිදී
මනාල යුවල
තමන් කැමති
ඡායාරූප තෝරා
ඒවා ඇල්බමය සඳහා
යොදාගන්නට
කටයුතු කල
යුතුය.
ඒ
ඡායාරූප
සියල්ලටම
පෝස්ට් කාඩ්
හෝ වෙනත් ප්‍රමාණවලින්
ලබාගන්නටද
වැඩිදෙනා
දක්වන උනන්දුව
ඉතා යහපත්ය.
ඇල්බමය
සඳහා අවශ්‍ය
වන්නේ
ඡායාරූප 40 ක් 50
ක් තරම් සීමිත
ප්‍රමාණයක්
නිසා අත්‍යවශ්‍ය
ඡායාරූප
පමණක්
තෝරාදීම මනාල
යුවලගෙන්
සිදුවිය
යුත්තකි.
එහිදීත්
වීඩියෝ පටයේ
මෙන් උත්සවයේ
සුවිශේෂී
අවස්ථාවන්
ඡායාරූප සඳහා
යොදාගැනීම
වඩාත් උචිතය.
ඇල්බමය
සඳහා
යොදාගන්නා
කවරයද,
සැකසීමේදී
වැඩි සැළකිල්ලක්
දැක්විය
යුත්තකි.
නිතර
භාවිතයෙන්
කවරය
අපිරිසිදු වන
නිසා ඉක්මනින්
අපිරිසිදු
නොවන එමෙන්ම
ඉක්මනින්
පිරිසිදු කළ
හැකි කවරයක්
යොදා ගැනීම
සුදුසුය.
ඡායාරූප
ශිල්පීන්
සතුව සෑම මංගල
ඇල්බමයක් සඳහාම
අලංකාර
නිමාවෙන්
යුතු විවිධ
මාදිලියේ කවර
ඇති අතර
ඒවායින්
සුදුසුම කවරය
තෝරාගන්නට ඔබේ
අවධානය යොමු
කල යුතුය.
එයිදී
විශේෂයෙන්
එහි අලංකාරය,
නිමාව මෙන්ම කල්පැවැත්මද,
ඡායාරූප සඳහා
වැඩි
ආරක්ෂාවක්
සහිත කවරයක්
තෝරාගැනීමට කටයුතු
කිරීම ඉතා
යහපත්ය.
ඒ
සඳහා සුදුසුම
කවරය වන්නේ
කෘතිම හම්
වලින් සකසන ලද
ඇල්බම්
කවරයන්ය.
ඇතුළත
ඡායාරූප සකස්
කරගැනීමේදී
ඒවායේ ආරක්ෂාව
සඳහා
ලැමිනේටින් ක්‍රමය
භාවිතා
කරන්නේ නම් එය
වඩාත් සුදුසු
වේ.
එය
‘ඩියුරෝ
ගාඩ් ’ ක්‍රමයට
වඩා
ඡායාරූපයට
ආරක්ෂාව
සපයයි.
තමන්ගේ
මංගල මොහොතේ
සොඳුරු
මතකයන් නැවත
නැවතත් විඳගන්නට
ඔබ දෙපළට සේම
ඔබගේ හිත
මිතුරන්ටද
හැකිවන්නේ
අවබෝධයකින්
යුතුව ඔබ
තෝරාගන්නා
ඡායාරූප
ශිල්පියා හා
වීඩියෝ කැමරා
ශිල්පියාගේ දක්ෂතාව
මතය.
මැනවින්
සකසන ලද
වීඩියෝ කොටස්
හා ඡායාරූප ඔබ
නැවත අතීතයට ගෙන
යන්නට සමත්
වන්නේ ඔබගේ
පවුල තුල සාමය,
සමගිය
සමඟින් සතුටද
තව තවත් තීව්‍ර
කරමිනි.
|