This text is replaced by the Flash movie.
Welcome! Guest  Sign In | Sign Up | Why Join? |

මධුසමයට පිටත්වීම

‍මධුසමයට පිටත්වීම නැතිනම් Going Away යනුවෙන් හඳුන්වන අළුත් අනවශ්‍ය විලාසිතාවක් දැන් මංගල උත්සවවලට එකතු වී ඇත.

මනාලියක් නිවසින් හෝ මංගල උත්සවය පැවති ශාලාවෙන් පිට‍වී යා යුත්තේ මනාලියක් ලෙසින්මය.

අප මංගල උත්සව පවත්වන්නේ චාරිත්‍රානුකූලව, පුරාණ සිරිත් විරිත් අනුවය.

අපේ විවාහ චාරිත්‍රවල කොතනකවත් මධුසමයට යාමට වෙනම විලාසිතාවක් තිබී නැත. මෙහිදී සිදුවී ඇත්තේ කොහෙන් හෝ පැමිණි විලාසිතාවක් අපේ මංගල උත්සවයට එකතු කරගෙන එය විලාසිතා දැක්මක් බවට පත්කර ගැනීමයි.

මංගල උත්සවයට නැකැත් බැලීමක් සිදුවේ. උත්ස‍වයට ආරාධනා කිරීම, කෑම හැදීමට පටන් ගැනීම, පෝරුවට නැගීම ආදී සියල්ල සිදුවන්නේ නැකතටය. අවසාන නැකත මනාල යුවල පිටත්වන නැකැතයි. අපි මනාල ඇඳුම් ගලවා දමා වෙනත් දෙයක් ඇඳගෙන වෙනමම දෙන්නෙක් ලෙස පිටත්වී යයි. මෙය කිසිසේත්ම ගැලපෙන්නක් නොවේ.

මෙයින් මුදල් නාස්තියක්ද සිදුවේ.

‍බෙ‍ාහෝ අය මංගල ඇුම තරමටම හෝ ඊටත් වඩා මේ මධුසමයට පිටත්වීමේ ඇුමට වියදම් කරයි. මෙය අනවශ්‍ය වියදමකි.

ඇතැම් විට මේ හදන ඇුම නැවත කිසි දිනෙක ඇීමට පවා නොහැකිය.

ඒනිසා මෙවන් විලාසිතාවක් සඳහා මුදල් වැය කරනවාදැයි ඔබ දෙවරක් සිතා බැලිය යුතුමය.

Top of Page Copyright © 2009 Sri lanka Wedding Portal . All rights reserved.
Powered By | Website Design Sri lanka | Sri lanka Web Hosting | Sri Lanka Wedding | Sitemap| Privacy Policy