This text is replaced by the Flash movie.
Welcome! Guest  Sign In | Sign Up | Why Join? |

දෙවන මනාලිය

මනාලිය සමඟම මංගල උත්සවයේ මනාලයා හැරුන කොට සිටින ඇය දෙවන මනාලියයි.

දෙවන මනාලියක් අවශ්‍ය වන්නේ මනාලියගේ සහයටය.

මනාලියගේ වේල් එක සකසා දීමට, අවශ්‍ය වේලාවට මල් කළඹ රැගෙන ඇයට උදව් වීමට, මනාලිය වෙනුවෙන් අන් අයට කේක්වලින් සංග්‍රහ කිරීමට ආදී කටයුතු වලට දෙවන මනමාලියට සිදුවේ.

නමුත් බොහෝ විට අද මංගල උත්සව වලදී මේ තත්ත්වය දකින්නට නොමැති අතර ඡායාරූප ගැනීමෙන් පසු දෙවෙනි මනාලිය දක්නට නොලැබෙයි. ඇය‍ව සොයාගෙන ඒමට ගන්නට වන්නේද මනාලියටයි.

තමාගෙන් ඉටුවන්නට වුවමනා දේ නොදත් වගකීමක් නොමැති කෙනෙක් දෙවන මනාලිය ලෙස තෝරා නොගන්නට මනාලිය සැළකිලිමත් වීම අවශ්‍යයයි.

එමෙන්ම තමන්ට වඩා විශාල කෙනෙක්ද තෝරා නොගත යුතු වන්නේ එයින් මනාලිය වෙනුවට දෙවන මනාලිය කැපීපෙනීම සිදුවිය හැකිවීම නිසයි. එවිට සෑම දෙනාගේම දැස් දෙවන මනාලිය වෙතට යොමු වේ.

තමන්ට වඩා කුඩා, වගකීම් හරිහැටි තේරුම් ගත හැකි, තමන්ට උදව් විය හැකි කෙනෙක් දෙවන මනාලිය ලෙස තෝරාගන්න.

ඇය මංගල උළෙලේ අවසානය දක්වා මනාලිය ළඟින්ම රැිය යුතුමයි.

මනාලිය ඇඳ සිටින වර්ණයට වඩා කැපී පෙනෙන වර්ණයකින් දෙවන මනාගිය හැඩගැන්වීම බොහෝවිට සිදුවේ. දෙවෙනි මනාලියන් උපරිමය දෙදෙනෙකුට වඩා නොගැනීමට තීරණය කිරීම යෝග්‍ය වේ.

එසේම ඔවුන්ගේ හැඩගැන්වීම් ( මේක් අප්, කොණ්ඩා මෝස්තර) ගැන සුළුවෙන් නොසිතා ඒ සහාද වැඩි  සැළකිල්ලක් යොමු කිරීම කළ යුතුවේ.

අනික් වැදගත් කාරණයක් නම් මල් කුමරියන් තෝරා ගැනීමේදී දෙවෙනි මනාලියන්ට වඩා වෙනස් රීතියක් අනුගමනය කිරීමය.

දෙවන මනාලියන් ප්‍රමාණයේ සීමාවක් කිව හැකි වුවත් මල් කුමරියන්ට ප්‍ර‍මාණයක සීමාවක් කිව නොහැක.

මල් කුමරියන් වැඩි වන තරමට සුරංගනාවියන් පිරිසක් මනාලියගේ සුන්දරත්වය වැඩි කරදෙනු නොඅනුමානය.

එබැවින් එක් අයෙකුට හෝ දෙන්නෙකුට සීමා නොවී තමන්ගේ හැකියාව පරිදි අඩුම තරමේ තිදෙනෙකුට වැඩි ප්‍රමාණයකි වත් සූදානම් කර ගත හොත් මනාලිය බලාපොරොත්තු වන සුන්දරත්ව‍ය ඉස්මතු කරගත හැක.

එසේම මල් කුමරියන් තේරීමේදී සැළකිය යුතු ප්‍රධාන කාරණයක් නම් ඔවුන්ගේ වයස් මට්ටමයි.

මල් කුමරියන් ඉතා කුඩා වයස්වලින් තෝරා ගැනීවෙන් මනාලියට ඔවුන් හසුරුවා ගැනීමට නොහැකිව ඔවුන්ගේ වැඩිහිටියන්ගේ උදවුද පැතීමට සිදුවන අතර ඡායාරූප සඳහා ඔවුන් යොදාගැනීමට වත් නොහැකි වනු ඇත.

එහිදී මනාලිය විසින් ඔවුන් වෙනුවෙන් දරන වියදම් නිශ්ඵල දෙයක් වනු ඇත.

එම වියදමෙන් නිසි ප්‍රයෝජන ලැබීමට නම් තරමක දැනුම් තේරුම් ඇති වයස්වලින්( අවු 4 – 8 දක්වා පමණ ) හා තමන්ට කිට්ටු සබැඳියාවක් ඇති මල් කුමරියන් තෝරාගත යුතුවේ.

දෙවන මනාලියන් හා මල් කුමරියන් අතරට ඊට මැදි වයසේ මල් කුමරියන් පිරිසක්ද තෝරාගනු දැකිය හැකිය.

ඔවුන් ලිට්ල් මේඩ් ( Little Maid ) නමින් හඳුන්වනු ලබන අතර ඔවුන් තෝරා ගැනීමෙන් මනාලියගේ කණ්ඩායමට හොඳ පිරිපුන් බවක් ලැබෙනු ඇත. ඔවුන් වයස අවුරුදු 10-12 අතර සීමාවට අයත් වීම වඩාත් සුදුසුය.

මල් කුමරුවන් හා දෙවන මනාලයන්ද මංගල දිනයේ කැපී පෙනෙන පිරිසක් වන අතර ඔවුන් කෙරේද මනාලිය විසින් නිසි අවධානයක් යොමු කළ යුතුම වේ.

මල්කුමරුවන්, මල් කුමරියන් තරමටම මනාලියට සුන්දරත්වයක් එකතු නොකරන බැවින් මල් කුමරියන් තරමටම මල් කුමරුවන් තෝරා ගැනීම අත්‍යවශ්‍යය නොවේ.

එම පිරිස වැඩි කිරීමේදී වැයවන මුදලද අනවශ්‍ය වියදමක් ලෙස බොහෝවිට දැකිය හැකිය.

දෙවෙනි මනාලියන්ගේ සංඛ්‍යාවටම සම සමව දෙවන මනාලයන් තෝරා ගැනීම සිදුකල යුතුය.

දෙවන මනාලයන් තෝරා ගැනීමේදී තෝරාගත් දෙවන මනාලියන්ට වඩා උසින් වැඩි සහ ඔවුන්ට තරමක් ගැලපෙන ලෙසින් තෝරාගතහොත් මනාලියට ඇගේ කණ්ඩායම මනා ලෙස තෝරාගත හැක.

එසේ තෝරාගත් කණ්ඩායම වර්ණ වලින් පවා එකිනෙකා ගැලපීම අත්‍යවශ්‍යය වේ.

මනාලියගේ සාරියේ වර්ණයට ගැලපෙන පරිදි වර්ණ එම කණ්ඩායමටද තෝරාගත යුතුය.

මනාලියෝ බොහෝ විට කහ පැහැය, රන්වන් පැහැය, සුදු හා රිදී පැහැයෙන් තම මංගල ඇඳුමට වර්ණයන් තෝරා ගනිති.

දෙවෙනි මනාලියන්ට හා මල් කුමරියන්ට තෝරනු ලබන වර්ණ මනාලියගේ වර්ණයන්ට හොඳින් ගැලපිය යුතුය. එමෙන්ම එම වර්ණ මනාලියගේ වර්ණයන්ට වඩා කැපී පෙනෙන වර්ණ විය යුතුය.

රන්වන් හෝ කහ පැහැති වර්ණයක් මනාලිය තේරුවහොත් ඒ සඳහා ගැලපෙන වර්ණවලට උදාහරණ නම් කහ, මැජෙන්ටා සැලුන්, පින්ක්, තැඹිලි, මෙරූන් වැනි වර්ණද සුදු හා රිදී පැහැති මංගල සාරියකට නම් ලා දම්, ලා රෝස, ලා කොළ, ලා නිල් වැනි වර්ණ උදාහරණ ලෙස දැක්විය හැකිය.

තම කණඩායම සඳහා වර්ණ තේරීමේදී රූපලාවන්‍ය ශිල්පීන්ගේ උදව් පැතීමෙන්ද තම කාර්යය සාර්ථක කරගැනීමට හැකි වනු ඇත.

මනාලියගේ පැහැයට මනාලයා, දෙවන මනාලයන්, මල් කුමරුවන්, දෙවන මනාලියන් හා මල් කුමරියන් යන සෑම කෙනෙකුගේම ඇඳුම් ගැලපිය යුතුම වේ.

උදාහරණයක් ලෙස මනාලිය කහ පැහැයට රන්වන් පැහැයෙන් වැඩ දැමූ සාරියක් තෝරා ගත්තේ නම් දෙවන මනාලියන්ට හා මල් කුමරියන්ට එම වර්ණයට ගැලපෙන වර්ණයක් ඇඳුම් සඳහා තෝරා දිය යුතුය.

එමෙන්ම මනාලයා, දෙවන මනාලයා, මල් කුමරුවන් සඳහා ඔවුන් සියළු දෙනාගේම කමිස වර්ණයන් මනාලියගේ සාරියේ පැහැයෙන් තෝරා දිය යුතුය.

මනාලයාගේ ටයි පටියේ වර්ණය මනාලියගේ සාරිය වැඩදැමූ වර්ණයෙන් එනම් රන් පැහැයෙන් තෝරා දිය යුතුය.

දෙවන මනාලයන් හා මල් කුමරුවන් සඳහා තම සාරියේ පැහැය, කමිස වර්ණය සඳහා තෝරාගත් පසු ඒ සඳහා යොදාගන්නා ටයි පටිය හෝ බෝ එක මල් කුමරියන් දෙවන මනාලියන් සඳහා යොදාගත් පැහැයෙන් තෝරා ගැනීම අත්‍යවශ්‍ය වේ.

මංගල දිනයට පෙර මනාල යුවල දෙවෙනි මනාලියන් හා දෙවෙනි මනාලියන් මල් කුමරියන් යන සියලු දෙනා කැඳවා පෙරහුරුවක් පැවැත්වීම සුදුසුය.

මෙසේ සැළකිලිමත්ව තෝරා ගන්නා කණ්ඩායමක් ඒ සඳහා තෝරා ගන්නා වර්ණත් සමඟ එකිනෙකා මනාලෙස ගැලපීමක් මනාලිය තමාගේ සුන්දරත්වය වැඩි කරගැනීමට තම කණ්ඩායමෙන් බලාපොරොත්තු වන සහය අනිවාර්යයෙන්ම ලබාගත හැකිම වේ.

Top of Page Copyright © 2009 Sri lanka Wedding Portal . All rights reserved.
Powered By | Website Design Sri lanka | Sri lanka Web Hosting | Sri Lanka Wedding | Sitemap| Privacy Policy