Welcome to Sri Lanka Wedding Portal

We recently created a web site for all the people who get involved with Wedding functions for all the beauticians, florists, Musical bands, catering services, bridal designers, bridal dress makers etc So, we cordially invite all of you who related in wedding functions to register in our web site freely. This is a limited time offer and this would be a valuable chance for all of you to proclaim you’re company and show you’re company in front of millions of eyes

Member Login


Lost your password?

This text is replaced by the Flash movie.
Welcome! Guest  Sign In | Sign Up | Why Join? |
Advertisements

මනමාලිය

මනාලියක් වීමට බලාපෙ‍ාරොත්තු වන යුවතිය ඒ සදහා සූදානම් විය යුත්තේ අඩුම තරමින් මාස 6 ට පෙරය.

මනාලිය  වන යුවතිය සිය ශරීරයේ හැඩය ගැන පළමුව සිත යොමු  කළ යුතුය.

මහත අයෙක් නම් ශරීරයේ බර ප‍‍ාලනය කරගෙන මහත අඩු කර ගැනීමට ව්‍යායාම් කළ යුතුය.

අලුහම් වැනි ස‍ෙම් රෝග තත්වයක් ඇත්නම් ඒවාට වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුය.

තමන්ට ගැළපෙන රූපල‍ාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිණිය තෝරා ගැනීම මනාලිය අතින් ඉටු විය යුතු වැදගත් කටයුත්තකි.

ඔබ තෝරා ගත් රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිණිය සමග සැමවිටම සුහද සම්බන්ධත‍‍ාවයක් , විශ්වාසවන්ත බවක් ගෙ‍ාඩ නගා ගැනීම අවශ්‍ය වේ.

හේතුව මංගල දිනය එලඹෙන තෙක්ම ඔබේ රූපල‍ාවන්‍ය කටයුතු ,මංගල  ඇදුම් තෝර‍ා ගැනීම ,ඔබ මනාලියක ලෙස හැඩ  ගැන්වීම ආදිය පිළිබද කථා බහ ලබා ගත යුතු බැවිනි.

ඔබව හැඩ ගැන්වීම සදහා යන සෑම වියදමක්ම අසා දැන ගන්න.

ඇය වෙතින් මාල කට්‍ටලය, ආභරණ, මල් කළඔ, හිස් පළදනා, වේල් එකක් ලබා ගත හැකිද? එසේ නම් ඒ සදහා යන වියදම, එවන් දේ පිටස්තරව ඇණවුම් කල යුතු නම් එයට වැය වන මුදල මේ ආදි විස්තර සාකච්ඡා කර ගන්න.

හැඩගැන්වීම් කටකයුතු සදහා ඔබේ වත්කම් අනුව වැය කළ හැකි මුදල් ප්‍රමාණය තීරණය කොට ගෙන ඇත්නම් එයට සරිලන ආකාරයෙන් කටයුතු කළ යුතුය.

මෙහිදී රූපලාවන්‍ය ශිල්පිණිය හා කථා කර වියදම් ලයිස්තුවක් සකස් කර ගන්න.

ඒ අනුව යන වියදම් එහි ඇතුලත් කර ගන්න.

මංගල උත්සවය පැවැත්වෙන්නේ නිවසේ ද,  හෝටලයකදී ද කියා තීරණය කර එය නිවසෙන් පිට තැනක පැවත්වෙන්නේ නම් තමන් ගේ ආර්ථිකය ගැන අවධානය යොමු කර සුදුසු තැනක් තෝරා ගත යුතුය.

මංගල දිනයේ දී තමන්ගේ කණ්ඩායම‍ට ඇතුලත් වන අය කවුද කියා තීරණය කරන්න.

මෙහිදී මනාලියගේ යෙහෙළියන්,මල් කුමරියන්,  දෙවන මනාලියන් ආදි පිරිස කෙතරම් විය යුතු ද කියා තීරණය කළ යුතුය.

රූපලාවන්‍ය ශිල්පියා සමග කථා කර තමන්ට ගැළපෙන විලාසිතාව තෝරා ගන්න.

ඔබ මහත සිරැරක් හිමි යුවතියක් නම් මංගල දිනට පෙර සිරුරේ ප්‍රමාණය අඩු කර ගැනීමට උත්සාහ  කර යුතුය.

සීනි හා තෙල් අධික ආහාර අවම කිරීමෙන් ශාරිරික ව්‍යායාම කිරීම මගින් ද අනවශ්‍ය තරබාරුකම අවම කර ගත හැක.

මනාලියගේ සාරියේ පැහැය තෝරා ගන්න.

ඉන් පසු මනාලියගේ යෙහෙළියන් ,මල් කුමරියන් ආදි සියලු දෙනාටම වර්ණ තෝරා ගන්න.

මංගල ඇරයුම් පතේ පටන් කේක් නිර්මාණය, ශාලා සැරසිලි ආදියට ද මේ වර්ණය බලපායි.  ඒ හැම තැනකදීම මනාලිය මතු වී පෙනීම අවශ්‍යයි.

ඔබට දරා ගත හැකි තරමේ මල් කළඹක් නිර්මාණය කරන ලෙස එය නිර්මාණය කරන තැනැත්තාට පවසන්න.   මන් ද ඔබට එය දරාගෙන පැය 6 -7ක් පමණ සිටීමට සිදු වන නිසාය.

මංගල උත්සවය සැලසුම් කිරීමේදි ඒ සඳහා දළ ඇස්තමේන්තුවක් කල් වේලා ඇතිව සකස් කර ගන්න.

ඒ අනුව ඔබට වැය කිරීමට ඇති මුදල් ක්‍රමානුකූලව පියවරෙන් පියවර වෙන් කර තබා ගනිමින් සැලසුම් කරන්න.

මේ අනූව ඇතැම් වියදම් අඩු කර ගැනීමට ද ඔබට අවස්ථාව ලැබෙනු ඇත.

මෙහි දී සෑම විටම මනාල පාර්ශවය සමග සාකච්ඡා කරන්න.  ඔබ ගන්නා සෑම පියවරක් ගැනම ඒ පාර්ශවය දැනුවත් කරන්න.

මංගල උත්සවයක් සංවිධානයේ දි වැඩි වශයෙන් මුදල් වැය වන දේ ගැන ඔබේ අවධානය යොමු කරන්න.

මේ කටයුත්තට ඔබ ගේ පවුලේ අයගේ දායකත්වය ලැබීම මත ගැටලු රාශියක් විසඳා ගත හැකි වනු ඇත. මංගල ඡායාරූපය ගැනීම සදහා යන ඡ‍ායාරූප ශ‍ාලාව මුදල් ගෙවා වෙන් කර තබා ගන්න.

මංගල උත්සවය ඡායාරූප කිරීම සදහා ඡ‍ායාරූප ශිලිපියෙක් ද වීඩියෝ කිරීම සදහා වීඩියෝ ශිල්පියෙක් ද තෝරා ගන්න.

සමේ අවපැහය,ඇස් යට කළු වී තිබීම, කැළල් තිබීම, කළු ලප,සම එල්ලා වැටීම වැනි තත්වයන් තිබුනොත් එය මනාලියගෙ‍් පියකරු බවට බාධාවක් වන්නට පුළුවන.

මේ නිසා මංගල දිනයට සූදානම් වන යුවතියක් ඇයගේ මුහුණේ අඩුපාඩු සකස් කර ගැනීමට සැළකිළිමත් වීම අවශ්‍යය.

ෆේෂල් කිරීමෙන් මනාලියගේ ස්වාභාවික පෙනුමට හානියක් නොවිය යුතුය.

මංගල දිනයට පෙර හෝ ආසන්නයේ දී ෆේෂල් එකක් කළ විට මුහුණේ බිබිලි, ගෙඩි මතුවිය හැකි බවට සමහරු තුළ වැරදි මතයක් ඇත.

එසේ සිදු ‍වන්නේ   සම පරික්ෂා නොකර නිසි දැනු‍වත් බවකින් තොරව ෆේෂල් කිරීමට යාමෙනි.

‍ෙෆ්ෂල් එකක් කිරීමට ප්‍රථමයෙන් ඇය කළින් ෆේෂල් කර සම එයට හුරුවී තිබේ ද යන්න ගැන විමසා බැලිය යුතුය.

ඉන් පසුව සම පරික්ෂා කර සමේ ස්වාභාවය වටහා ගැනීම අවශ්‍යයි.එනම් වියළි සමක්ද, තෙල් සහිත සමක්ද , කැළල් සහිත සමක්ද ,යම් යම් හේතුන් මත අවපැහැ ගැන් වී තිබෙනවා ද ,කුරුලෑ සහිත සමක් ද යන්න පරික්ෂා කර බැලිය යුතුය.

විශේෂයෙන්ම මනාලියක් වීමට සිටින අයෙකුට ෆේෂල් එකක් කරනවා නම් ඇගේ සමේ ස්වාභාවය වටහා ගෙන ඒ අනුව ෆේෂල් එකක් කළ යුතු ආකාරය තීරණය කර යුතුය.

ඇතැම් අයගේ සම මලානිකය.ප්‍රබෝධමත් ස්වාභාවයක් නොදක්වයි.එවිට මේක් අප් එකක් කළත් එවන් අයෙකුට ඉන් වැඩි ලස්සනක් මතු නෙ‍ාකරයි.

මෙවන් අයට ෆේෂල් එකක් සිදු කරන විට ‍ සමේ අදාළ නිල තෙරපමින් සම්භ‍ාහනය කිරීමෙන් මුහුණේ පැහැපත් පෙනුම ස්වාභාවිකව වර්ධනය කළ හැකිය.

මංගල දිනයට කළින් සෑම යුවතියක්ම ෆේෂල් කර යුතුමය කියා පිළිගත යුතු නැත.

ශක්තිමත් මාංශ පේශි වලින් යුතු පැහැපත් නිරෝගිමත් සමක් තිබෙන අයෙකුට නම් අමුතුවෙන් ෆේෂල් කිරීමක් අවශ්‍ය නැත.

ෆේෂල් කිරීමක් අවශ්‍ය වන්නේ ඉහත කී ආකාරයේ ගැටළු ඇත්නම් පමණකි.

එමෙන්ම නිරෝගිමත් සමක් ඇති වයසින් අඩු යුවතියන්ට ‍අනවශ්‍ය ආකාරයේ ෆේෂල් කර යුතු නැත.

නමුත් වයස අවු: 25 ට වැඩි නම් මුහුනේ, සමේ යම් යම් අඩු පාඩු ගැටළු මතුවී පෙනෙනවා නම් එවන් අයට ෆේෂල් මගින් පිළියම් යෙදීම අවශ්‍යයයි.

ඇස් යට කළුවීමක් පෙනෙ‍නවා නම් ඒ සඳහා නිසි සත්කාර කිරීමෙන් එම අඳුරු ස්වභාවය ඉවත් කරගත හැක.

සමේ මෙවන් ගැටළු වලට ක්ෂණික පිළියම් යෙදීමට නොහැක. ඒ නිසා අඩුම තරමින් මංගල දිනයට මාස තුනක් හෝ හයක් තිබියදී නිසි සත්කාර සඳහා යොමුවීම වඩාත් වැදගත් වේ.

සමහර යුවතියන් මංගල දිනයට පෙර දිනයේ මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කිරීමට පෙළඹේ.

මෙය නුසුදුසුය. මන්ද බොහෝවිට මෙවැනි අවස්ථා වලදී සමේ බිබිලි මතු වීම,ඉදිමීම වැනි අසාත්මික තත්ත්වයන් ඒ ඒ අයගේ සමේ ස්වභාවය අනුව ඇතිවිය හැකි නිසාය.

මංගල දිනයට පෙර දිනයේ මෙවැනි අසාත්මිකතා ඇති වුවහොත් මනාලියගේ පියකරු පෙනුමට එය බාධාවක් විය හැක.

ඒනිසා අනවශ්‍ය රෝම ඉවත්කිරීම වැනි දෙයක්  සතියකට කලින්වත් කළ යුතුය.

මංගල දිනයට සූදානම් වන යුවතියක් තමන්ගේ සම පිරිසිදුවට තබා ගැනීම කෙරෙහි සැළකිලිමත් වීම වැදගත්ය.

ඒ සඳහා නිසි සත්කාර අනුගමනය කළ යුතුය.

නිසි අවබෝධයකින් යුතුව අවශ්‍යතාවය අනුව එයට යොමුවෙනවා නම් මංගල දිනයට කලින් පැහැපත් සමක් ඇති ලස්සන මුහුණක් ඇති මනාලියක ලෙස හැඩවැඩ වන්නට ඔබට හැකිවනු නොඅනුමානය.

ඔබ හැඩගැන්වීමට රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය සූදානම් වන ආකාරය ගැන ඔබ සෑහීමකට පත්වනවාද යන්න ගැනත් සැලකිලිමත් විය යුතුය.

මෙහිදී වඩාත් වැදගත් වන්නේ ඔබේ කැමැත්තයි.

රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිනියගේ අදහස් සමඟ ඔබේ කැමැත්ත පිළිබඳවත් සාකච්ඡා කරන්න. ඉන්පසු එකඟතාවයකට පැමිණෙන්න.

ඇතැම්විට ඔබ හැඩගැන්වෙන්නේ ඔබ ප්‍රිය නොකරන විලාසිතාවන්ගෙන් නම් එම නොරිස්සුම් සහගත බව නිසා මංගල දිනයට ප්‍රියමනාපව මුහුණ දීමට ඔබට නොහැකි වේ.

ඔබ මංගල දිනයේදී අඳින්නේ සාරිය හෝ ඔසරිය නම්,  එය මීට පෙර ඔබට ඇඳ නුපුරුදු නම් ඔබේ සාමාන්‍ය ගමන් බිමන් වලට සාරිය හෝ ඔසරිය ඇඳ එයට හුරුවන්න.

මංගල උත්සවය ළංවන විට එදිනට හා ඊට පෙර කරන්නට ඇති සියළු කටයුතු ලේඛනයක් පිළියෙල කරන්න.

ඒවා නිවසේ අයට හෝ ඔබේ යහළු යෙහෙළියන්ට පවරා දෙන්න.

නැතිනම් කේක් කපන පිහිය සෙවීමට, කෑමට ආරාධනා කිරීමට, කේක් ඇල්ලුවාද කියා ඇසීමට මනාලියටම යාමට සිදුවේ. එය කරදරයකි.

කලබලකාරී මනාලියක් ලෙස නොසිටීමට නම් පෝරුවේ කටයුතු එක් අයෙකුට, කේක් බෙදීම තවත් අයෙකුට, පහන තවත් අයෙකුට ආදී ලෙස පවරා දෙන්න.

විවාහ දිනයට පෙර ඔබ සඳහා වෙන් කෙරුණු ආභරණ පළඳා බලන්න.

ඒවා ඔබේ බෙල්ලට ගැලපෙනවාද, ඉන් ලස්සන සැඟවෙනවාද කියන කරුණු ගැන සිතන්න.

ඔබ උඩරට මනාලියක් නම් ඔබට පැළඳීමට ඇති මාල පිළිවෙලට බෙල්ලට දමා ඒවා සාරියට තබා නොපෙනෙ‍න නූලකින් මසා ගන්න. එවිට ආභරණ එකිනෙක පැටලීමෙන්ද, එහා මෙහා වීමෙන්ද වලකී.

රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය ඔබට හැඩගන්වන අතරතුර සෙත් පිරිත් කැසට් පටයක් වාදනය වීමට සලස්වා එයට සවන්‍ දෙන්න. ඔබ කතෝලික මනාලියක් නම් ඒ සඳහා ගීතිකා අඩංගු කැසට් පටයක් භාවිතා කරන්න. එය ඔබේ සිතේ සැහැල්ලු බවක් ඇති කිරීමට මෙන්ම සිතේ ඇති චකිතය නැති කිරීමටත් හේතුවේ.

මංගල දිනයේ උදෑසන සාරිය අන්දව‍‍ා අවසන් වූ විට ඇවිද බැලිය යුතුය.

‍රැළි දිග වැඩිද, පෑගෙනවාද, පැටලෙනවාද කියා බලා රූපලාවන්‍ය ශිල්පියාට කියා එය නිවැරදි කරගන්න.

අපරට බෙහෙවින් දහදිය දමන රටකි. වායු සමනය කළ ශාලාවක මංගල උත්සවය ගැනීම සෑම දෙනාටම සිදු කළ නොහැකි දෙයකි.

ඒනිසා ඔබේ රූපලාවන්‍ය ශිල්පියා දැනුවත් කර තැනට සුදුසු ලෙස මේකප් එක දමාගන්න.

ඔබේ මංගල උත්සවය කොතරම් වේලා පැවැත්වෙනවාද කියන කාරණයත්, එය තිබෙන්නේ කුමන ස්ථානයකද යන්නත් ගැන ඔබ හැඩ කරන රූපලාවන්‍ය ශිල්පියාව දැනුවත් කරන්න.

ඇතැම් මනාලියන් පල්ලියේදී විවාහ වේ. එතැනට විශාල පිරිසක් සහභාගි වන අතර මේ හැම දෙනාම මනාලියව ඉඹ ඇගේ මේකප් එක සම්පූර්ණයෙන්ම විකෘති කර ඇත.

ඇය එලෙසින්ම උත්සවයට සහභාගි වුවහොත් ලස්සනක් දකින්නට නොලැබේ.

එවිට රූපලාවන්‍ය ශිල්පියා ලවා නැවත මේකප් එකක් සිදුකරගත හැක.

රූපලාවන්‍ය ශිල්පීන් එයට උදව් කිරීමට බැඳී සිටියි. මන්ද එය ඔවුන්ගේ වගකීමක් බැවිනි. නමුත් එය කරගන්නට හැකි වන්නේ ඔබ නිසි ලෙස ඔවුන්ව දැනුවත් කර තිබුණහොත් පමණි.

මනාලිය ස්වභාවයෙන්ම කළු නම් මේක් අප් භාවිතයෙන් සුදු කිරීම ඉතා අවලස්සනය.

ඇස් හැඩ ගැන්වීම කෙරෙහි ඔබගේ විශේෂ අවධානය යොමු කල යුතුය.

ඇහි බැම හරියාකාරව ඇඳ තිබේදැයි බැලිය යුතුය. සිහින් ඉරි දෙකක් මෙන් නොපෙනෙන සේ ස්වාභාවික පෙනුමක් ඇති ආකාරයට පටන්ගන්නා තැන ටිකක් මහතටත් ක්‍රම ක්‍රමයෙන් හීනි වේගෙන යන ලෙසටත් සකස් කරවාගන්න.

හැඩගැන්වීමේදී මනාලියගේ චාම් සුන්දරත්වය යටපත් කරන ආකාරයෙන් අනවශ්‍ය ලෙස විච්චූර්ණ ආලේපන යෙදීම නිසා රුවට කෘතිම පෙනුමක් ලැබෙනු ඇත.

මේ නිසා ඔබේ ස්වාභාවික රුවට කෘතිම බවක් එක් නොවන සේ මේක් අප් කරවා ගැනීම කෙරෙහි ඔබේ අවධානය යොමු කල යුතුය.

ඇතැම් විට අනවශ්‍ය ලෙස මේක් අප් මගින් රුව ඉස්මතු කරලීමට යාම නිසා මනාලියට අස්වාභාවික පෙනුමක් ගෙන දීමට හැක.


vertical banner
Top of Page Copyright © 2009 Sri lanka Wedding Portal . All rights reserved.