This text is replaced by the Flash movie.
Welcome! Guest  Sign In | Sign Up | Why Join? |

විවාහය, සතුට සමඟිය හා ආර්ථිකය

වර්තමානයේදී බොහෝ දෙනා උත්සාහ කරන්නේ තමන්ගේ විවාහ මංගලෝත්සවය ඉතාම ඉහළින් සැමරීමටය.

මුදල් ඇති නැති සෑම දෙනාම මේ තත්ත්වයට මුහුණ දෙති.

තමන්ගේ විවාහ මංගලෝස්තවය වෙනුවෙන් විශාල මුදලක් වැය කරන ඔවුන් විවාහයෙන් පසු වසරක් දෙකක් යනතුරුත් විවාහ උත්සවය වෙනුවෙන් ගනු ලැබූ ණය ගෙවා දමන්නේ පොළියත් සමඟිනි.

පවුල් ජීවිතය තුළ ආර්ථීකය කළමණානරනයේදී කාන්තාව නැතිනම් බිරිඳට වැඩි වගකීමක් ලැබේ.

ස්වාමිපුරුෂයා උපයන ධනය නිසි ආකාරයෙන් කළමණාකරණය කිරීමේ වගක‍ීම ඇයට පැවරේ.

එහිදී නිවසේ අඩුපාඩු, දරැවන්ගේ වගකීම්,ස්වාමිපුර්ෂයාගේ, දෙමාපියන්ගේ වගකීම් වැනි සියලු දේ ඉටු කරමින් කිසියම් මුදලක් ඉතිරි කරන්නට ද ඇයට සිදු වේ.

එසේ හෙයින් බිරිද කාන්තාව මේ පිළිබදව වැඩි අවබෝධයක් ලබා තිබීම වැදගත්ය.

බොහෝ කාන්තාවන් මේ ආර්ථික කළමණාකරණය පිළිබද කිසිදු  අවබෝධයකින් තොරව යුගදිවියට එළඹෙයි.

ඒ තුළින් සිදු වන්නේ අවශ්‍ය දේට මෙන්ම අනවශ්‍ය දේටත් මුදල් වියදම් කරමින් අවසානයේදී කිසිවක් ඉතිරි නොකර ජීවිතයේ අවධානමකට මුහුණ දීමටය.

එවන් කාන්තාවන් විවිධ විනෝද චාරිකා, ප්‍රියසම්භාෂණ, චිත්‍රපට් වැනි විනෝදය උදෙසා ස්වාමිපුරුෂයාගේ මුදල් වියදම් කරමින් සතුටෙන් කාලය ගත කලත් පසු කාලයක ඒ සතුට දුකක් වන බව අව‍බෝධ කර නොගනිති.

ස්වාමිපුරුෂයා උපයන ආදායමෙන් බිරිඳ , දරුවන්,දෙමාපියන් පෝෂණය කළ යුතුය.

ඔවුන්ගේ අවශ්‍යතා සොයා බැලිය යුතුය.

ආර්ථිකය පාලනය කිරීමට වගකීම් ඉටු නොකර සිටීමද පරිහානියට හේතුවකි.

පවුලක සාමය, සමගිය, සතුට, ආදරය උදෙසා ඔවුනොවුන් අතර අන්‍යනෝන්‍ය අවබෝධය‍ මෙන්ම ආර්ථිකය ද වැදගත් වන්නේ ඉහත දැක් වූ හේතු නිසාය.

සෑම විටම තමන්ට ගැළපෙන සරල, අල්පේජ්‍ය ජීවිතයක් ගත කරන්නට විවාහ වන‍ මොහොතේදී දෙදෙනාම සිතෙහි තබා ගත යුතුය.

විවාහ ගිවිස ගන්නා දිනට සුදුසු විලාසිතා

මනමාලිය

මංගල උත්සවයේදී මනාලියගේ හැසිරීම

මංගල සාරිය තෝරා ගැනීම

මනාලියට ඇඳුම් නිර්මාණය

මධුසමයට පිටත්වීම

දෙවන මනාලිය

ඡායාරූපකරණය

විවාහ චාරිත්‍ර

Top of Page Copyright © 2009 Sri lanka Wedding Portal . All rights reserved.
Powered By Sri Lanka Wedding | Sitemap| Privacy Policy